කාර්මික නිපුණතාවය මූල්‍ය දර්ශකවලට බිළිදෙයි, ඉදිකිරීම් ටෙන්ඩර් පද්ධතියේ දැඩි අක්‍රමිකතා, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක

වර්තමාන රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතින දැඩි මූල්‍ය පිරිවැටුම් (Turnover) සීමාවන් හේතුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වය හුදෙක් ආර්ථික ගැටලුවක් නොව, ක්ෂේත්‍රයේ නියැලී සිටින දහස් සංඛ්‍යාත සේවකයින්ගේ මානසික හා කායික සෞඛ්‍යය කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කර ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙනවා.

වර්තමාන ඉදිකිරීම් ටෙන්ඩර් සුදුසුකම් ලබාගැනීම සඳහා වැඩි වාර්ෂික ලාභ ඉපයීම් පමණක් මූලික කරගනිමින් යම් ආයතනයක් සුදුසුකම් ලබනවාද නැතිද යන්න තීරණය කිරීමේ ක්‍රමවේදය දැඩි ලෙස ක්‍රියාත්මක වනවා.

එහෙත්, දිගුකාලීන ආර්ථික බාධා, මහා පරිමාණ ව්‍යාපෘති අඩුවීම, ව්‍යාපෘති ආරම්භය ප්‍රමාදවීම සහ ගෙවීම් චක්‍රවල පවතින ප්‍රමාදයන් හේතුවෙන් මෙම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම මෙම ආයතන වලට අතිශය දුෂ්කර වී තිබෙනවා.

මෙම මූල්‍ය පීඩනය හේතුවෙන් ඉදිකිරීම් සමාගම්වල සේවකයින් අතර දැඩි මානසික ආතතිය, රැකියා අනාරක්ෂිතභාවය පිළිබඳ බිය සහ එමගින් ඇතිවන හෘද රෝග හා අධික රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලු වර්ධනය වී තිබෙනවා.

මූල්‍ය ස්ථාවරත්වය ගිලිහී යාම නිසා සේවක සුභසාධන කටයුතු සහ සේවා ස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන් පවත්වාගෙන යාම ද අභියෝගයට ලක්ව ඇත.

බොහෝ දේශීය සමාගම් සතුව වෘත්තීය නිපුණතාවය සහිත ශ්‍රම බලකායක්, නවීන යන්ත්‍රෝපකරණ සහ සංකීර්ණ ව්‍යාපෘති නිම කිරීමේ පූර්ණ තාක්ෂණික හැකියාව පවතින අතර, පසුගිය දශකය පුරා මොවුන් අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද, නිසි ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව මාර්ග සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කර තිබෙනවා.

දැනට පවතින නිර්ණායක මගින් ව්‍යාපෘති නිම කිරීමේ පළපුරුද්ද සහ තාක්ෂණික දක්ෂතාවයට වඩා කෙටි කාලීන මූල්‍ය දත්තවලට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සාධාරණ තරඟකාරීත්වයට බාධා ඇති වන අතර දක්ෂ දේශීය සමාගම් ප්‍රධාන ව්‍යාපෘතිවලින් ඉවත් වනවා.

එමෙන්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් සමස්ත කාර්යක්ෂමතාව පහත වැටෙනවා.

එබැවින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැත්ම සහ එහි නියැලෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත අනාගතය වෙනුවෙන්, මූල්‍ය දත්ත මෙන්ම තාක්ෂණික පූර්ව පළපුරුද්ද ද සමබරව සලකා බලන නව ප්‍රසම්පාදන ක්‍රමවේදයක අවශ්‍යතාවය ක්ෂේත්‍රයේ විද්වතුන් අවධාරණය කර සිටිනවා.

  1. අඩුම ලංසුවට ටෙන්ඩර් ජයග්‍රහණය ලබාදීමත් තවත් ප්‍රශ්නයක්, එම අගයන් වලට ඉදිකීරිම් කරනවා තියා ඉදිකිරිම් අමුද්‍රවය මිලදි ගන්නවත් බෑ. අඩුම ලංසුවට දිනුම දෙන්නනම් ටෙන්ඩර් බෝඩ් ඕනා නැ දෙක වසරේ ලමෙක් උනත් දන්නවා වැඩිම අගය තීන කෙනා තෝරාගන්න. ටෙන්ඩර් අගය ඉංජිනේරු ඇස්තුමේන්තු මුදලට වඩා අඩුවීම, ඉදිකිරිම් සමාගම් සිදුකරමින් පවතින ව්‍යපෘති සංඛ්‍යාව හා ඔවුන් සතු සේවක / යන්ත්‍ර උපකරණ ඇතුලු සම්පත් ප්‍රමාණය ගැන සැලකිලිමත් නොවීමත් ප්‍රශ්නයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15