ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ඉන්න ලංවිම සේවකයින් ජනපතිට ලියයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල්යාම තුළ තමන් සියලු දෙනා දැඩි පීඩනයකට සහ අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බව, ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති ලංවිම සේවකයින් පවසනවා.

ජනධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් එම සේවකයින් 2,200 දෙනා මේ බව සඳහන් කරනවා.

ඒ, අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින්ගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත්වන ලෙසයි එම සේවකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එම සේවක් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ඔවුන්ව අකමැත්තෙන් සේවයේ රදවාගෙන සිටින බවත්, ඔවුන්ග් VRS වන්දි මුදල අහිමි නොකරගෙන මණ්ඩලෙයන් ඉවත් වී වෙනත් රටකට සංක්‍රමණය වීම, පෞද්ගලික අංශයේ රැකියාවකට යාම හෝ ස්වයරැකියාවක් සඳහා යොමුවීමට නොහැකි වී ඇති බවයි.

මෙය බොහෝ දෙනාට උපභතෝකෝටිකයක් නිර්මාණය කර ඇති බවත්, යටත් පිරිසෙන් යම් පිරිසක් තම නව ජිවෙනෝපායන් සදහා වන්දි මුදල අහිමි කරගෙන විදුලිබල මණ්ඩලයෙන් ඉවත් වී යාමට සිදුවී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒ, අනුව ඉතා ඉක්මණින් සාධනීය සහ සාධාරණ විසදුමක් තමන්ට ලබාදෙන ලෙසයි එම සේවක පිරිස ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?