දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන් සඳහා අතිරේක මානුෂීය ආධාර තොගයක් ලබාදෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරනවා.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහායවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 02ක් වටිනා අතිරේක මානුෂීය ආධාර ප්‍රකාශයට පත් කර ඇති අතර, එමඟින් ආපදා ප්‍රතිචාරය සඳහා එක්සත් ජනපදය ලබා දුන් සමස්ථ ආධාර වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 04ක්.
මෙම නව අරමුදල් 2025 දෙසැම්බර් මාසයේ දී සුළි කුණාටුව ගොඩබිමට පැමිණ පැය 72ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 02ක් වටිනා එක්සත් ජනපද ආධාර මත ගොඩනැගී ඇති අතර, ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කාලෝචිත හා ඵලදායී සහාය ලබාදීමට එක්සත් ජනපදය දක්වන කැපවීම මෙයින් අවධාරණය කරනවා.













