මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් ගිනි තබා මුහුදුබත් කරයි

සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගිනි තබා මුහුදුබත් කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

සීෂෙල්ස් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන ඇති එම බහුදින ධීවර යාත්‍රාව මෙලෙස ගිනි තබා විනාශකර ඇති බවයි සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ධීවරයින් 06 දෙනෙකු සමඟ වෙන්නප්පුව – වෙල්ලමංකරය ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති “ඉෂානි 01” නම් බහුදින ධීවර යාත්‍රාව පසුගිය දෙසැම්බර් මස 30 වනදා සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ධීවරින් පිරිස සමඟ අත්අඩංගුවට ගෙන ඇති “ඉෂානි 01” බහුදින ධීවර යාත්‍රාව, එම ආරක්ෂක නිලධාරීන් විසින් මුහුදේදීම ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රුපියල් කෝටි 04ක පමණ පාඩුවක් තමන්ට සිදුවී ඇති බවත්, මුහුදු සීමා උල්ලංඝනය කළ තම ධීවරයින්ට නීතිමය දඩුවමක් ලබා දුන්නාට විරෝධයක් නොමැති නමුත්, මේ ආකාරයට යාත්‍රාව ගිනි තබා විනාශ කිරීම කණගාටුවට කරුණක් බවයි යාත්‍රාවේ හිමිකරු සුසිල් ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
20
+1
3
+1
3
+1
27
+1
5
+1
4
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51