ජනපති, රාමඤ්ඤ සහ අමරපුර නිකායේ මහා නාහිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගත්තා.

උන්වහන්සේ වැඩ වසන මීරිගම, මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන වෙත ඊයේ (01) දහවල් ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණා.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව වසරේ කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ආශිර්වාදය පළ කළා.

මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තා.

වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර, උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාදය එක්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?