නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ජනපති අනුර සොයා බලයි

මහනුවර, පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (01) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එම ජනතාවගේ සුවදුක් විමසා බැලුවා.

පසුගිය ආපදා තත්ත්වයත් සමඟ අංකුඹුර, ගන්කොටුව ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් නිවාස 06කට පූර්ණ හානි සහ නිවාස 15කට අර්ධ හානි සිදු වූ අතර අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගත් ප්‍රදේශයේ නිවාස 30ක පදිංචිකරුවන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් 28 වනදා ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ආරම්භ කළ සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 47ක පුද්ගලයෝ 189 දෙනෙක් පමණ තාවකාලිකව රැඳී සිටි අතර පවුල් 07ක පුද්ගලයෝ 23 දෙනෙක් පමණක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයේ රැඳී සිටිනවා.

එම ජනතාව සමඟ සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලු අතර සුබසාධන කටයුතු සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද සොයා බැලුවා.

පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමිපාණන් වහන්සේ සහ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, පාර්ලිමේන්තු මන්ත්‍රි තනුර දිසානායක, පූජාපිටිය ප්‍රාදේශීය සභා සභාපති සංජීව එදිරිසිංහ, ප්‍රාදේශීය ලේකම් ශානිකා දීගල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56