මන්නාරම අධිකරණය ඉදිරිපිට දී පසුගිය ජනවාරි මස 16 වනදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුල සැඟව සිටිය දී මම සැකකරුවන දෙදෙනා අත්අඩංගුවට ගෙන මුරුන්කන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




