පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා – පෙම්වතිය අතුරුදන්

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිස් පවසනවා.

වයස අවුරුදු‍ 17ක තරුණියක් ඊයේ (28) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බව බවයි වාර්තා වුණේ.

පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාව පවත්වා ගෙන ගිය තරුණයාට එම ස්ථානයට පැමිණීමට තරුණිය දුරකථනයෙන් දැනුම් දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණයා තවත් මිතුරෙකු සමඟ නයිනමඩම පාලම අසලට පැමිණෙන විට තරුණිය ගිංඔයට පැන ඇති අතර, ඇයව බේරාගැනීම සඳහා තරුණයාද ගිංඔයට පැන තිබෙනවා.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් තරුණයා බේරාගෙන ඇත. තරුණිය දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙන්නප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?