මහ කන්නය අවසානය වන විට වී අස්වැන්නේ අඩුවක් සිදුවිය හැකි බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා.
අද (26) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළේ අස්වැන්නේ අඩුවීමක් සිදු වුවද, එය වී හෝ සහල්වල හිඟයක් ඇතිවීමට බලපෑමක් ඇතිනොවන බවයි.
දිට්වා සුළි කුණාටුව දිවයිනට බලපෑමක් සිදුනොකළේ නම් මෙවර මහ කන්නයේ දී ඉලක්ක ගත ප්‍රමාණයටත් වඩා වැඩි, වී අස්වැන්නක් ලැබීමට තිබූ බවයි සභාපතිවරයා පැවසුවේ.
කෙසේ වෙතත් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වී අස්වැන්නට යම් බලපෑමක් සිදුවූ බව සඳහන් කළ ඔහු, එය ආහාර සුරක්ෂිතාවට බලපෑමක් එල්ල නොවන බවයි සඳහන් කර සිටියේ.
අවශ්‍ය ප්‍රමාණයට සහල් රට තුළ ඇති බවත්, කීරි සම්බා සහල්වල පමණක් යම් අඩුවක් ඇති බවත්, ඊට ආදේශක සහල් ආනයනය කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.














