මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

2022 වසරේ අගෝස්තු මස 02 වනදා මුල්ලේරියාව රෝහල ආසන්නයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු ඊයේ (25) පෙරවරුවේ මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 32ක තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු 02ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40