ඉන්දීය විදේශ කටයුතු ඇමති අද, ජනපති අනුර හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, අද (23) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබෙනවා.

අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ දිවයිනට පැමිණියා.

අසල්වැසි රාජ්‍යන් පළමුව යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට පිළියම් යෙදීම සඳහා දියත් කරන සාගර් බන්දු මෙහෙයුමේ ඉදිරි කටයුතු සොයා බැලීම ඔහුගේ මෙම නිල සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරය නිමාකර අද (23) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?