ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සදහා අද (22) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි වාර්තා වනවා.

මේ අතර මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා දූත පිරිසක් සමඟ ඔහු දිවයිනට පැමිණෙන බවයි වාර්තා වුණේ.

ෂාඕ ලේජි සැලකෙන්නේ චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?