මරණයක් දක්වා ගිය දුරකථන සංවාදය

සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (21) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

වව්නියාව, තවසිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 19ක තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?