හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති, ඇමති සමන්ත සහ ITN එකෙන් වන්දි ඉල්ලයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර ඇති බව සඳහන්.

පැමිණිලිකරු කියා සිටින්නේ මෑතකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් මොණරාගල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අදාළව තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සිදුව ඇති බවයි.

ඒ, වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනි සේවයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?