උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට සිට

ආපදා හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට (20) දිනයේ සිට යළි ආරම්භ වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ, දින 22කට පසුවයි.

මේ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.00ට අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කර එය පෙරවරු 11.46 ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.

ඊට අමතරව පස්වරු 3.00ට බදුල්ලෙන් පිටත්වන අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එමෙන්ම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට ගමන් ආරම්භ කරන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය දහවල් 12.16ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතවයි.

අඹේවෙල සිට පස්වරු 3.00ට ගමන් ආරම්භ කරන අංක 1015 දරණ උඩරටමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?