අනුරාධපුර රෝහලේ ආරක්ෂාවක් පිළිබද ගැටළුවකට වෛද්‍යවරු වැඩ වර්ජනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා දෙන ලෙස ඉල්ලමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රෝහල් භූමිය තුළ මීට දින කීපයකට පෙර හිස් පතොරම් කොපු කිහිපයක් තිබී හමු වීමයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දීම් අඛණ්ඩව සිදු කරන අතර බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර කිරීම නවතා දමා තිබෙනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?