පළාත් හයක සියලු පාසල් අද ඇරඹේ

දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් කල්දැමුණු, පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර අද (16) ආරම්භවනවා.

කෙසේ වෙතත් ආපදා තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්වූ ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පාසල් 640ක් අද (16) ආරම්භ වන්නේ නැහැ.

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල සියලුම රජයේ පාසල් අද දිනයේ ආරම්භ වනවා.

අද (16) ආරම්භ වන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර, දෙසැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු හිමිවනවා.

කෙසේ වෙතත් මුස්ලිම් පාසල්වල දරුවන් සඳහා අද (16) ඇරඹෙන පාසල් වාරය ජනවාරි 02 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර එම පාසල් වලට නත්තල් නිවාඩුවක් හිමිවන්නේ නැහැ.

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 08 වනදා ආරම්භවීමට නියමිතව තිබුණ ද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම අද (16) දිනය දක්වා කල් දැමුණා.

පාසල්වල තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා දෙසැම්බර් 29 වනදා ආරම්භ කර, දෙසැම්බර් 31 වනදා දක්වා පවත්වා පාසල්වල තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මේ අතර අද (16) ආරම්භ නොකෙරෙන පාසල් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ලබන දිනයකදී ආරම්භ කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51