ආධාර තොගයක් රැගෙන මියන්මාර හමුදාවේ ගුවන් යානයක් දිවයිනට (වීඩියෝ)

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාවට ආධාර රැගෙන මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06) රාත්‍රියේ මෙරට පැමිණියා.

කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි මෙම ගුවන් යානයෙන් සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගෙන ආවා.

මියන්මාර රජයේ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානය මෙරටට පැමිණි අතර, මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම ආධාර තොගය භාරගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?