පානදුර, හිරණ ප්‍රදේශයේ මෙට්ට නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (24) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් එම කර්මාන්තශාලාවේ ගොඩනැගිලි දෙකක පිහිටි මෙට්ට නිෂ්පාදනය සඳහා යොදාගත් කොටසක් සහ රසායනික ද්‍රව්‍ය ගබඩා කළ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම ඒකකය ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















