කොවිඩ් සුව වී ගෙදර ගිය දෙදෙනෙකු මිය යයි – හේතුව කොවිඩ්

කොරෝනා වෛරසය ආසාදනය වී සුව විමෙන් පසු නිවෙස්වලට ගොස් සිටි සිව් දරු මවකට හා එක් දරු පියෙකුට නැවත කොරෝනා වෛරසය ආසාදනය වී කොවිඩ් නිව්මෝනියාවෙන් මිය ගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයකදි අනාවරණය විය.

මියගොස් ඇත්තේ හික්කඩුව වවුලගොඩ පදිංචි 73 හැවිරිදි වියේ පසුවන සිව් දරු මවක් හා බුස්ස ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදිවියේ පසුවන එක් දරු පියෙකි.

සිව්දරු මව කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගින් සදහා වෙන්කොට ඇති වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිට මැයි 20 වැනි දින සුව වි නිවසට ගොස් ඇත.

ඇයගේ පවුලේ සාමාජිකයින් ද නිරෝධායනයට ලක්කොට ඇත.මෙකි මව නිවසේ සිටියදි හුස්ම ගැනිමට අපහසුවි ඇති අතර නිවැසියන් විසින් 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දි ඇත.

ගිලන් රථය පැමිණෙන විට මව  නිවස තුලදි මියගොස් ඇති බැව් හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

බුස්ස ප්‍රදේශයේ පදිංචි එක් දරුපියා කොරෝනා වෛරසය ආසාදනය වි වළහන්දුව කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබාගෙන ඇත.

ඔහු 28 වැනි දින එම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට සුවය ලබා නිවසට ගොස් ඇති අතර දින 03කට පමණ පසු හුස්ම ගැනිමට අපහසුවිමෙන් නිවස තුලදි මියගොස් ඇත.

මිය ගිය සිව් දරු මවගේ හා එක් දරු පියාගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි මහත්මිය විසින් සිදු කරනු ලැබිය.

පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධිදන්දෙණිය ආරච්චි මහත්මිය විසින් සිදු කළාය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මෙකි මරණ වි ඇති බවට තින්දු කළාය.

(ගාල්ල – ලලිත් චාමින්ද)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14