කිරින්ද, අඳගලවැල්ල වෙරළ තීරයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක ප්‍රමාණයක් සමඟ ඊයේ (12) අලුයම් කාලයේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා තෙක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබෙනවා.
තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට එම කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක දීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ.
ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කුඩා බෝට්ටුවකට මාරු කර ඒවා කිරින්ද, අඳගලවැල්ල වෙරළ දෙසට රැගෙන විත් තිබූ බවටයි වාර්තා වුණේ.





