ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන වරටත් විවාහ දිවියට

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන වරටත් විවාහ වී ඇති බව වාර්තා වනවා.

රෂීඩ් ඛාන්ගේ පළමු විවාහය සිදුවී වසරක් ගතවීමටත් පෙර ඔහු මෙලෙස දෙවන විවාහ දිවියට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන්නා දෙවන වරටත් විවාහ වී ඇති බවට සමාජ මධ්‍යයේ කටකතා පසුගිය දින කිහිපය තුළම පැතිර ගියා.

එලෙස පැතිර ගිය කටකතා තහවුරු කරමින් රෂීඩ් ඛාන් පැවසුවේ තවමන් පසුගිය අගෝස්තු මස 02 වන දින දෙවන වරටත් විවාහ වූ බවයි.

සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු පවසන්නේ “ආදරය, සාමය සහ මා සැමවිටම බලාපොරොත්තු වූ හවුල්කාරිත්වයක් මූර්තිමත් කරන කාන්තාවක්” සමඟ තමන් විවාහ වූ බවයි.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ පළමු විවාහය 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී කාබුල්හිදී සිදු කෙරුණා.

ඔහු සමඟ ඔහුගේ සහෝදරයින් තිදෙනෙකු වන අමීර් කලීල්, සකිඋල්ලා සහ රාසා ඛාන් ද එම දිනයේ දී විවාහ දිවියට පිවිසි අතර, එම උත්කර්ෂවත් වූ මංගල උත්සවයට ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
37
+1
5
+1
2
+1
2
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01