ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් දෙවන වරටත් විවාහ වී ඇති බව වාර්තා වනවා.
රෂීඩ් ඛාන්ගේ පළමු විවාහය සිදුවී වසරක් ගතවීමටත් පෙර ඔහු මෙලෙස දෙවන විවාහ දිවියට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන්නා දෙවන වරටත් විවාහ වී ඇති බවට සමාජ මධ්‍යයේ කටකතා පසුගිය දින කිහිපය තුළම පැතිර ගියා.
එලෙස පැතිර ගිය කටකතා තහවුරු කරමින් රෂීඩ් ඛාන් පැවසුවේ තවමන් පසුගිය අගෝස්තු මස 02 වන දින දෙවන වරටත් විවාහ වූ බවයි.
සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු පවසන්නේ “ආදරය, සාමය සහ මා සැමවිටම බලාපොරොත්තු වූ හවුල්කාරිත්වයක් මූර්තිමත් කරන කාන්තාවක්” සමඟ තමන් විවාහ වූ බවයි.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ පළමු විවාහය 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී කාබුල්හිදී සිදු කෙරුණා.
ඔහු සමඟ ඔහුගේ සහෝදරයින් තිදෙනෙකු වන අමීර් කලීල්, සකිඋල්ලා සහ රාසා ඛාන් ද එම දිනයේ දී විවාහ දිවියට පිවිසි අතර, එම උත්කර්ෂවත් වූ මංගල උත්සවයට ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ද සහභාගී වී සිටියා.















