කෝටි 18ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැනඩා ජාතියෙක් කටුනායක දී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අද (28) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 21 හැවිරිදි කැනඩා ජාතික ශිෂ්‍යයෙක්.

මොහු අද (28) දින අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාර ගුවන් මගියා විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 06ක් තුළ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 253ක ප්‍රමාණය සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.