බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි (වීඩියෝ)

ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ යාබද නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

“මොන්තා” ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව ඊයේ (26) රාත්‍රීයේ නිරිතදිග සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහළ, මුලතිව් සිට කිලෝමීටර් 610ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතියා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර හෙට (28) දිනයේ චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී, අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ අංශ පවසන්නේ.

ඒ, අනුව නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලන් වැළකී සිටින ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ද මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝ මීටර් 50 සිට 60 පමණ දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් දැනුම් දෙනවා.

එම අවස්ථාවල අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර “මොන්තා” සුළි කුණාටුව හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ අංශ පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17