කළු ගඟේ ජල මට්ටම ඉහළට – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් පැවති වර්ෂාපතනයන් අනුව එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.

මේ අතර අද (25) දිනයේ වර්ෂාපතනය අනුව කළු ගඟ ද්‍රෝනියේ වෙසෙන ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දෙනවා.

මේ වනවිටත් ගඟා රැස ජල මට්ටම් ඉහළ තත්ත්වයක පවතින අතර, ඒ අනුව ඉදිරියේ දී සැළකිය යුතු වර්ෂාපතනයක් පතිත වූ වහාම ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරත් පැවසුවේ.

ඒ, අනුව කැළණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාව ද විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවයි දැනුම් දෙන්නේ.

ඉදිරියේ දී ලැබෙන වර්ෂාපතනයන්ගේ රටාව අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකිද යන්න ජනතාව දැනුම්වත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07