විදුලිබල සංශෝධන පනතෙන් පිහිට වූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි පිරිනැමේ

2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලයට ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශයේ දී සිදුකෙරුණා.

ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ, යූ.ඩී. නෙරංජිත් ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ, එන්.එන්. වෙත්තසිංහ යන අයද, විදුලි ජනන ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි යන අයද , විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආර්.රෝහිත ජයරත්න පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක, සී.කේ. රණතුංග යන අයට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම සිදු වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් ප්‍රකාශ කරමින්, රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවද අවධාරණය කළා.

එමෙන්ම, මෙම පත්වීම් ලිපි ලබාදීම හා සමගාමීව අධ්‍යක්ෂවරුන්ට අදළ දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබුණා.

ඒ සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද සහභාගී වෙමින් අවශ්‍ය මග පෙන්වීම හා මූලික දැනුවත් කිරීම් සිදුකරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?