විදුලිබල සංශෝධන පනතෙන් පිහිට වූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්වීම් ලිපි පිරිනැමේ

2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ආයතන සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලයට ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශයේ දී සිදුකෙරුණා.

ඒ අනුව, ජාතික පද්ධති පාලන (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ජී.ජේ. අලුත්ගේ, යූ.ඩී. නෙරංජිත් ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පී.එන්.එස්. කුමාරතුංග පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.කේ.එස්. මහින්දසිංහ, එන්.එන්. වෙත්තසිංහ යන අයද, විදුලි ජනන ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.ජී.ඒ. සාලිය ජයසේකර පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස එන්.ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු ටී.ඒ. වන්නිආරච්චි යන අයද , විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්.) සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ආර්.රෝහිත ජයරත්න පත් කෙරුණු අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ජේ.බී. ඒකනායක, සී.කේ. රණතුංග යන අයට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම සිදු වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන් ලෙස කැපවී කටයුතු කළ යුතු බවත්, රටේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය ඒ මත රඳා පවතින බවත් ප්‍රකාශ කරමින්, රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව මෙම ආයතන ඉදිරියට ගෙන යා යුතු බවද අවධාරණය කළා.

එමෙන්ම, මෙම පත්වීම් ලිපි ලබාදීම හා සමගාමීව අධ්‍යක්ෂවරුන්ට අදළ දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබුණා.

ඒ සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ද සහභාගී වෙමින් අවශ්‍ය මග පෙන්වීම හා මූලික දැනුවත් කිරීම් සිදුකරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23