අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ දී ජල පහරකට හසුවූ පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
ඊට අමතරව දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයින් 509 දෙනෙක් ආපදාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථාන සඳහන් කළේ.
මේ අතර නාය යාමේ අවදානම් නිවේදන දිස්ත්‍රික්ක හයකට තවදුරටත් පනවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.
බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රිකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නාය යාමේ අවදානම් නිවේදන නිකුත්කර තිබෙනවා.
මේ අතර දිවයිනට ගිනිකොන දෙසින් අන්දමන් දූපත් ආශ්‍රිතව පවතින කැළඹිලි සහගහ තත්ත්වය ලබන 21 වනදා වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ අංශ සඳහන් කළේ.
ඉන් සිදුවන වක්‍ර බලපෑම හේතුවෙන් වර්ෂාවේ වැඩිවීමක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.















