අයහපත් කාලගුණයෙන් එක් පුද්ගල මරණයක් – ඉදිරියේදී වර්ෂාවේ වැඩිවීමක් (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ දී ජල පහරකට හසුවූ පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයින් 509 දෙනෙක් ආපදාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථාන සඳහන් කළේ.

මේ අතර නාය යාමේ අවදානම් නිවේදන දිස්ත්‍රික්ක හයකට තවදුරටත් පනවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රිකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නාය යාමේ අවදානම් නිවේදන නිකුත්කර තිබෙනවා.

මේ අතර දිවයිනට ගිනිකොන දෙසින් අන්දමන් දූපත් ආශ්‍රිතව පවතින කැළඹිලි සහගහ තත්ත්වය ලබන 21 වනදා වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවයි කාලගුණ අංශ සඳහන් කළේ.

ඉන් සිදුවන වක්‍ර බලපෑම හේතුවෙන් වර්ෂාවේ වැඩිවීමක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58