අවශ්‍යව කර සිටි සැකකරුවෙක් ඩුබායි පනින්න හදද්දී මාට්ටු

බොරැල්ල, කාර්දමානවත්ත ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු 22 වනදා පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියට අවශ්‍යව කර සිටි සැකකරුවෙකු ඊයේ (17) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ දත්ත පද්ධතිය මඟින් සැකකරු හඳුනාගැනීමෙන් පසු මොහුව අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මොහු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේ දී සංචාරක වීසා මඟින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යෑම සඳහා මොහු ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 25 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?