අගමැති හරිනි බිජිං නුවර වෙත ළඟාවෙයි

මහජන චීන සමුහාණ්ඩුවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනයේ බිජිං නුවර වෙත අද (12) දහවල් ළඟා වී තිබෙනවා.

බිජිං නුවර වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ඇතුළු ශ්‍රී ලංකික දූත පිරිස චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shuming විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරිය 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගීවීමට සදහා චීනය බලා පිටත්ව ගියේ ඊයේ (11) රාත්‍රියේයි.

ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිත අග්‍රාමාත්‍යවරිය එම කාලය තුළ චීන ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?