සැකකරුවන් හෝ සිරකරුවන් සම්බන්ධව මහේස්ත්‍රාත්වරුන්ට විශේෂ චක්‍රලේඛයක්

මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව, අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

සියලු අධිකරණ නිලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි එම දැනුම්දීම සිදුකර ඇත්තේ.

ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම විශේෂ චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර යම් සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස නියෝග නොකළ යුතු බවට ද අදාළ චක්‍රලේඛය මඟින් දැනුම්දී තිබෙනවා.

.සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලසීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවෙස්වලට සහ වෙනත් ස්ථානවලට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරුන් නියෝග නොකළ යුතු බවට ද දන්වා තිබෙනවා.

ඊට අමතරව යම් අයෙකු කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගියහොත්, ඒ බව සහ ඊට හේතුවූ කරුණු, බන්ධනාගාර අධිකාරීවරයා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කළ යුතු වනවා.

සැකකරුවන්ගේ හෝ සිරකරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් කරන ඉල්ලීම් මහේස්ත්‍රාත්වරු බන්ධනාගාර වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු බවට ද අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01