අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව යයි

චීනයේ බීජිං නුවර පැවැත්වෙන, 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගීවීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.

එයාර් චයිනා ගුවන් සේවයට අයත් ඒ.සී. 426 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.15ට කටුනායක ගුවන් තොටුපොළෙන්  චීනයේ චෙන්ඩු නුවර බලා අග්‍රාමාත්‍යවරිය පිටත්ව ගිය බවයි දසත නිවුස් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරිය සමඟ දෙදෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් මේ සමඟ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර, ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.

මෙම සංචාරය අතර තුර චීන ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06