කොස්ගොඩ සුජීගේ කුඩු විකිණූ කත ඇල්ලූ උප පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකථනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අහුංගල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය දා බලපිටිය ප්‍රදේශයේ දී අදාළ කාන්තාව හෙරොයින් මිලි ග්‍රෑම් 4200ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එදින සවස නාදුනන පුද්ගලයකු අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබාගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නොකළහොත් මාර්ගයේ ගමන් කරන අවස්ථාවක වෙඩි ප්‍රහාරයකට හෝ රිය අනතුරකට ලක්කර ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසියට පැමිණිල්ලක්‌ ද කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට සැකකාර කාන්තාව කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ කුඩු ජාවාරමේ නිරත කාන්තාවක් බවයි.

අහුංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15