කොස්ගොඩ සුජීගේ කුඩු විකිණූ කත ඇල්ලූ උප පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකථනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අහුංගල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුට මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය දා බලපිටිය ප්‍රදේශයේ දී අදාළ කාන්තාව හෙරොයින් මිලි ග්‍රෑම් 4200ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එදින සවස නාදුනන පුද්ගලයකු අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබාගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස නොකළහොත් මාර්ගයේ ගමන් කරන අවස්ථාවක වෙඩි ප්‍රහාරයකට හෝ රිය අනතුරකට ලක්කර ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසියට පැමිණිල්ලක්‌ ද කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට සැකකාර කාන්තාව කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ කුඩු ජාවාරමේ නිරත කාන්තාවක් බවයි.

අහුංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?