ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කිරීම 18 වනදා සිට – එකකින් රජයට රුපියල් 166ක ඉතිරියක්

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 18 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක ප්‍රමාණයක් ඇති බවයි.

අද (08) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 08 අවසන්වීමට පෙර තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක ප්‍රමාණයක් ඇනවුම් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමට රජය මඟින් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මීට පෙර රියදුරු බලපත්‍රය මුද්‍රණය, මෙට්‍රෝ පොලිටන් නැමැති පුද්ගලික ආයතනයක් මඟින් සිදුකළ බව සඳහන් කළ ඔහු, එහිදී එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමට රුපියල් 534.54ක මුදලක් වැයවූ බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී රජය විසින් රියදුරු බලපත්‍ර මුදනය කිරීමට ආරම්භ කිරීමත් සමඟ එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 368.16ක පමණ මුදලක් වැයවන බවයි අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේ.

ඒ, අනුව එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරිකර ගැනීමට හැකිවන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
50
+1
4
+1
38
+1
4
+1
4
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12
Video thumbnail
පියතුමෙකුට ලුහුබැද ප#ර දුන් සිද්ධියේ සියල්ල කැබිනට් මාධ්‍ය හමුවේ හෙළිවෙයි..
03:05
Video thumbnail
වෛද්‍ය බෙල්ලනව FCID එකෙන් ප්‍රශ්න කරයි - රජයත් එක්ක මට ගැටුමක් නෑ
06:05


?