ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා නුදුරේදී අත්සන් තැබෙනු ඇතැයි ඉන්දීය වානිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් පවසනවා.
දෙපාර්ශ්වය අතර වෙළෙඳ හා ආයෝජන දිරි ගැන්වීම ගිවිසුමේ අපේක්ෂාවයි.
ඉන්දියාව සහ යුරෝපා සංගමයේ රටවල් හතරක් ( අයිස්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය සහ ලික්ටින්ස්ටයින්) අතර අත්සන් තැබුණු වෙළෙඳ හා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මේ මස පළමුවැනිදා සිට බලාත්මක වුණා.
නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සඳහා ඉන්දීය නියෝජිතයන් මේ මාසයේ බ්‍රසල්ස් වෙත පැමිණිමට නියමිත අතර අමාත්‍ය පියුෂ් ගොයාල් යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස්වරයා දකුණු අප්‍රිකාවේදී හමු වීමට නියමිතයි.
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පළමු වරට ආරම්භ කෙරෙුණේ 2013 වසරේදී.
මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දීය අගමැති සහ යුරෝපා කොමිසමේ සභාපති අතර පැවති සාකච්ඡාවේදී දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසුවන නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසර අවසන් වන විට අත්සන් කිරීමේ එකඟතාවකට එළැඹුණා.





