ඉන්දියාව ළඟදීම යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා නුදුරේදී අත්සන් තැබෙනු ඇතැයි ඉන්දීය වානිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් පවසනවා.

දෙපාර්ශ්වය අතර වෙළෙඳ හා ආයෝජන දිරි ගැන්වීම ගිවිසුමේ ⁣අපේක්ෂාවයි.

ඉන්දියාව සහ යුරෝපා සංගමයේ රටවල් හතරක් ( අයිස්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය සහ ලික්ටින්ස්ටයින්) අතර අත්සන් තැබුණු වෙළෙඳ හා ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මේ මස පළමුවැනිදා සිට බලාත්මක වුණා.

නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සඳහා ඉන්දීය නියෝජිතයන් මේ මාසයේ බ්‍රසල්ස් වෙත පැමිණිමට නියමිත අතර අමාත්‍ය පියුෂ් ගොයාල් යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස්වරයා දකුණු අප්‍රිකාවේදී හමු වීමට නියමිතයි.

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පළමු වරට ආරම්භ කෙරෙුණේ 2013 වසරේදී.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දීය අගමැති සහ යුරෝපා කොමිසමේ සභාපති අතර පැවති සාකච්ඡාවේදී දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසුවන නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසර අවසන් වන විට අත්සන් කිරීමේ එකඟතාවකට එළැඹුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුමාර තිරිමාදුරගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් - "අනුරගේ පක්ෂය වෙනුවෙන් හිරේ ගිය මනුස්සයෙක් මේ"
04:07
Video thumbnail
නාමල් ඇත්තටම අල්ලස් ගත්තද ?තිස්සකුට්ටි හෙළිකරයි - කවුරු වරදක් කළත් නීතියට යටයි
01:05
Video thumbnail
නාමල්ව හිරේට දැමීමෙන් රැළියට බෝනස් ජනතාවක් එකතු වුණා - මහා ජන සුනාමියක් අනුරාධපුරයට එනවා
03:46
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58