සීනිමෝදර නිවසේ සිට මියගිය පුද්ගලයාගේ පුත්‍රයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පසුගියදා තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ මියගිය පුද්ගලයින් දෙදෙනා සමග සිට රෝහල් ගතකිරීමේදී මියගිය පුද්ගලයාගේ එක් පුත්‍රයෙක් අද (26) තංගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව ඔහුව ලබන මස 01 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා සහ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිරථවල හිමිකරුවන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් මීට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් පුත්‍රයෙක් සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත්කර ඔවුන්ද ලබන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?