ඇල්ලේ සිදු වූ බස් අනතුර ගැන මහින්ද රාජපක්ෂ කම්පා වෙයි

ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුර පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ සටහනක් තම මුහුණුපොත වෙතට එක්කර තිබෙනවා.

එම අනතුර නිසාවෙන් විපතට පත් සියලු පාර්ශව වෙත තමන්ගේ ශෝකය පළ කරන බව සහ එම අනතුරෙන් ඔහු බොහෝ කම්පනයට පත්ව සිටින බව මහින්ද රාජපක්ෂ පවසනවා.

තම ගම් ප්‍රදේශය වන තංගල්ල ප්‍රදේශයේ නගර සභාවේ නිලධාරීන් පිරිසක් මෙලෙස මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වීම පිළිබද තංගල්ල ප්‍රදේශයේ ජනතාව පමණක් නොව මුළු රටේම ජනතාව දැඩි ලෙස කණගාටුවට පත්ව සිටින බව ඔහු විසින් සඳහන් කර තිබෙනවා.

MR
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?