තහනම් මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පැදවූ පෞද්ගලික බස් රියදුරු මාට්ටු

බේරුවල පොලිසිය විසින් අද (04) උදෑසන බේරුවල නගරයේ බස් රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අලුත්ගම – කළුතර මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක රියදුර් සම්බන්ධයෙන් ඇතිවූ සැක කටයුත්තක් හේතුවෙන් එම රියදුරු පොලිස් භාරයට ගෙන කළුතර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව ඔහු ගංජා පානය කොට ඇති බවට නිරීක්‍ෂණය වීම නිසා එම රියදුරු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 වන පුද්ගලයෙක්.

වෛද්‍ය වාර්තා අනුව තවදුරටත් තහවුරු වී ඇත්තේ ඔහු කාලයක් තිස්සේ ගංජා පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවයි.

මෙම අත්අඩංගුවට ගත් රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?