මාර්ග ආසන්නයේ නවතා ඇති රථ වාහනවල කොටස් සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන මහා පරිමාණයේ ජාවාරමක් හසුකර ගැනීම සඳහා වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.
වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම සැකකරුවන් විසින් රථ වාහනවල වටිනා කොටස් සූක්ෂම ලෙස ගලවා කුඩා කැබ් රථයක පටවා ප්‍රවාහනය කර ඇති අතර එලෙස රථ වාහනවලින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු රථ වාහන කොටස් ද පොලිස් නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්න දෙදෙනෙක්.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





