රුසියානුවන් වෙනුවෙන් සටන්කර මිය ගිය උතුරු කොරියානු සොල්දාදුවන්ගේ පවුල් වෙනුවෙන් එරට නායක කිම් ජොන් උන් ලස්සන ජීවිතයක් පොරොන්දු වී තිබෙනවා.
රුසියානු – යුක්රේන යුද්ධයට මැදිව මෙසේ මිය ගිය සොල්දාදුවන්ගේ පවුල් නැවත හමු වූ අවස්ථාවේ දී නායක කිම් ජොන් උන් ඔවුන්ගේ දරාගත නොහැකි වේදනාව වෙනුවෙන් ශෝකය පළ කර ඇති අතර එහි දී ඔවුන්ට “ලස්සන ජීවිතයක් ” පොරොන්දු වූ බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියේ.
නායක කිම් ජොන් උන් විසින් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට සත්කාර කර තිබෙනවා.
එහි දී රටේ ගෞරවය ආරක්ෂා කරමින් මියගිය ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව ශෝකය ප්‍රකාශ කළ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය අද (30) වාර්තාකර සිටියේ.





