ගංවතුර නිසා පාකිස්තානයේ මිලියනයක් අවතැන්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසි ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස්, ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඉන්දියාවට ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් ඉන්දියාවේ සිට පාකිස්තානය ඔස්සේ ගලාබසින රවී, සුත්ලේජ් සහ චෙනාබ් ගංගාවල මෙලෙස ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ජලගැලීම් හේතුවෙන් මිලියනයක පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති අතර, ආපදාවට පත් ජනතාව මුදාගැනීමට පාකිස්තාන බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරන බව සඳහන්.

පාකිස්තාන සමස්ත ජනගහනයෙන් සියයට 50කට ආසන්න පිරිසක් පන්ජාබ් ප්‍රාන්තය තුළ රැඳී සිටින අතර, එරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපය ද පන්ජාබ් ප්‍රාන්තයයි.

ප්‍රධාන කෘෂි නිෂ්පාදන වන තිරිඟු පිටි, සහල් සහ කපු නිපදවනු ලබන මෙම කලාපය තුළ ජලගැලීම් නිසා පාකිස්තාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි සැලකෙනවා.

ගෙවුණු ජුනි මාසයේ සිට මේ දක්වා පාකිස්තානයට බලපෑ ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන 819කට අධික බව විදෙස් වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00