දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 133 වන කිලෝමීටර් කණුව අසල දී මගී ප්‍රවාහන බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (23) අලුයම සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබිය දී පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිමෙන්ති ලොරියේ තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී විසිරී යාමත් සමඟ පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක් ද එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?