රුබිකොන් නදිය තරණය කළ පසු ආපසු හැරෙන්න බෑ – නීතිඥ සාලිය පීරිස්ගෙන් විශේෂ සටහනක්

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

එහි සටහන් කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 49දී ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර් රුබිකන් නදිය තරණය කිරීම ගැන ගතං තීරණය පිළිබඳවයි.

නීතිඥ සාලිය පීරිස් තැබූ සටහන පහතින්.

රුබිකන් තරණය:
ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.
රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය.
එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.
දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.

  1. මූ කියවෙනවා විතරයි. Unconstitutional President කියලා කිව්වා නමුත් උසාවි ගියේ නැහැ. වැඩ බැරි ටාසන්. සමහර නීතිඥ යෝ පාතාල මත්ද්‍රව්‍ය වෙනුවෙන් පෙනී සිටීම නීතිය කාටත් පොදුයි

  2. හිනා යනව ඕයි ඒ හෝමෝසාෆියන් යුගයේ කතාවට..
    තව ඒවගේ ගල් යුගයේ කතාවක් දන්නවනම් කියන්නකො uncle..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42