ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ගුවන්තොටින් තහනමක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවල දී, ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට ගුවන් තොටුපොළ තීරණය කර ඇති බව අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා පවසනවා.

ඒ, අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දිනවල කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාලයේ ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිත කරන්නන් අධික තදබදයකට ලක් වීම නිසා අපහසුතා ඇතිව තිබුණා.

ඒ, අනුව ගුවන් යානා වැඩි වශයෙන් පිටත්වන බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ඇති වන තදබදය අවම කර ගුවන් මගීන් සහ ගුවන් තොටුපොළ භාවිත කරන්නන් වෙත කාර්යක්ෂම හා සුමට සේවාවක් සැපයීම සදහා මෙම තීරණය ගුවන් තොටුපොළ විසින් ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
16
+1
67
+1
8
+1
23
+1
1
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38