පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද

2025 වර්ෂයට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වනවා.

විභාගය අද (10) පෙරවරු 09.30ට ආරම්භ වන අතර, විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

කල්වේලා ඇතිව විභාගශාලා වෙත පැමිණෙන ලෙසටයි.

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත්වෙනවා .

ඒ, වෙනුවෙන් සුදුකම් ලබා සිටින විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 307,951ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 09. 30ට ආරම්භ වන විභාගය පස්වරු 12:15ට අවසන් වීමට නියමිත අතර, විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමට නියමිත අතර එය පෙරවරු 10.45 වන විට අවසන් වනවා.

අනතුරුව හිමිවන විනාඩි 30ක විවේකයකින් පසු පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15ට ආරම්භ වී පස්වරු 12:15ට අවසන් වීමට නියමිතයි.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ, විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන සහ සාමාන්‍ය ඔරලෝසුවක් රැගෙන යෑමට අවසර ලැබෙන බවත්, විභාග මධ්‍යස්ථානවලට දරුවන් රැගෙන යන අධ්‍යාපන උපකරණ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?