පහේ ශිෂ්‍යත්වය හෙට – විභාගශාලා සූදානම් කිරීමත් ඇරඹේ

2025 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත්වෙන අතර ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ හත්දහස් නවසීය පනස්නවදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන සහ සාමාන්‍ය ඔරලෝසුවක් රැගෙන යෑමට අවසර ලැබෙන අතර, විභාග මධ්‍යස්ථානවලට දරුවන් රැගෙන යන අධ්‍යාපන උපකරණ පිළිබඳව මව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

විභාග අපේක්ෂකයින් පෙරවරු 8.30 වනවිට විභාග ශාලාවලට පැමිණිය යුතු අතර, දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා ද, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා ද පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මේ අතර විභාගය වෙනුවෙන් විභාගශාලා සූදානම් කිරීමේ කටයුතු අද (09) පෙරවරුවේ සිටම සිදුවන බවයි දසත නිවුස් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?