පහේ ශිෂ්‍යත්වය හෙට – විභාගශාලා සූදානම් කිරීමත් ඇරඹේ

2025 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,787ක දී පැවැත්වෙන අතර ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ හත්දහස් නවසීය පනස්නවදෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර විභාගයට අවශ්‍ය පෑන්, පැන්සල්, මකන සහ සාමාන්‍ය ඔරලෝසුවක් රැගෙන යෑමට අවසර ලැබෙන අතර, විභාග මධ්‍යස්ථානවලට දරුවන් රැගෙන යන අධ්‍යාපන උපකරණ පිළිබඳව මව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

විභාග අපේක්ෂකයින් පෙරවරු 8.30 වනවිට විභාග ශාලාවලට පැමිණිය යුතු අතර, දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා ද, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා ද පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මේ අතර විභාගය වෙනුවෙන් විභාගශාලා සූදානම් කිරීමේ කටයුතු අද (09) පෙරවරුවේ සිටම සිදුවන බවයි දසත නිවුස් ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33