ඕපනායක ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ වයස අවුරුදු 12ක දරුවෙක් බවයි.
ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි මෙම පිරිමි දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ තිබෙනවා.
දෙමව්පියන් සමඟ ප්‍රිය සම්භාෂණයකට සහභාගී වී සිටිය දී මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර දරුවා මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
1
+1
1
+1
14
+1
1
+1
1





